ගම්මැද්ද කලාලය

slider image

 


ගම්මැද්ද කලාලය

මොකක්ද ඇත්තටම ගම්මැද්ද කලාලයේ සතුටු සිකුරාදා කියන්නේ  ? පළාත් පාලන ආයතන හරහා තෝරගත්ත ප්‍රාදේශය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ප්‍රජාව නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය එකතුවෙලා ප්‍රදේශයේ තියෙන ප්‍රශ්න හඳුනගෙන ඒ ප්‍රශ්න වලට විසඳුම් සොයා යන චාරිකාවක් තමයි ගම් මැද්දෙ කලාලය කියන්නේ.

ගමේ තරුණ ,මහළු, වැඩිහිටි,දරුවෝ හැමෝම එකතු වෙලා ගමේ අවශ්‍යතා හඳුනා ගැනීම.ඒවාගේම ගමට ලැබෙන සේවාවන් හඳුනා ගැනීම . පාරවල් හදාගන්න එක පාසලට ගොඩනැගිල්ල ලබාගන්න එක වගේ දේවල් මෙන්ම ව්‍යවසායකයින්ට ආධාර ණය ක්‍රම වගේ දේවල් ගැන දැනුවත් කරන අතරම සෞන්දර්යාත්මක අංගයෙනුත් ඉදිරිපත් කරනව ගමේම දරුවන්ගේ වැඩිහිටියන්ගේ සංස්කෘතික අංග එකතු කරලා . ඒවාගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතය  පිරිසිදුකම පිළිවෙල යහපත් ජීවන ඇවතුම් පැවතුම් අපේ සිරිත් විරිත් චාරිත්‍ර සමාජ වටිනාකම හර පද්ධති කොහොමද අපි ජීවිතයට එකතු කරගෙන සංස්කෘතිකමය සුන්දර ලස්සන ජීවිතයක්  ගත කරන්න අවශ්‍ය දැනුමද මෙතනදි ලබාදෙනවා. මේ වෙනුවෙන් තමයි අපේ පළාත් පාලන ආයතන හරහා  දැනුම කුසලතාව ආකල්ප අත්දැකීම් ඔබට ගෙන එන්න කරන සුන්දර වැඩසටහනක් තමයි මේ ගම් මැද්දේ කලාලේ කියන්නේ.

Top